
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් කොළඹ ගුවන්තොටුපළේ කැසිනෝ කවුන්ටරයක් විවෘත කිරීම සඳහා ටෙන්ඩරයක් හෝ ලංසු කැඳවීමක් අවලංගු කර ඇත.
පෙබරවාරි 16 වැනි ඉරිදා පුවත්පත් දැන්වීමකින්, මෙම ටෙන්ඩරය හෝ ලංසු කැඳවීම අවලංගු කර ඇති බව මහජනතාවට දන්වන ලදී.
මෙම ලංසු කැඳවීම සිදුකර තිබුණේ පසුගිය ජනවාරි 27 වැනිදාය.
කෙසේවෙතත් මෙම නව පියවර සඳහා කිසිදු හේතුවක් දක්වා නොමැත.
ගුවන්තොටුපළේ විවෘත කිරීමට නියමිත කැසිනෝ සේවා කවුන්ටරයක් පිළිබඳව මහජනතාවට දැනුම් දුන් පළමු අවස්ථාව එය විය.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආගමන ප්රදේශයේ කැසිනෝ සේවා කවුන්ටරයක් වසර තුනක කාලයක් සඳහා ක්රියාත්මක කිරීම සඳහා මෙලෙස ලංසු කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart