
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මගීන්ගේ සහ රියදුරන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් නගරාන්තර පෞද්ගලික බස් රථ සඳහා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වාදීමේ විශේෂ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ උපදෙස් පරිදි, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහි පළමු අදියර යටතේ කොළඹ, බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී දුරගමන් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සවිකිරීම අද සිදු කෙරිණි.
මූලික පියවර ලෙස බස් රථ 10ක් සඳහා මෙම AI පද්ධතිය සවිකෙරෙන අතර, එහි සඵලතාවය සහ ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව දිවයින පුරා ධාවනය වන සෙසු බස් රථ සඳහාද මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මෙම තාක්ෂණය රියදුරන්ට දඬුවම් කිරීම සඳහා භාවිත නොවන අතර, ගමන පුරා බස් රථයේ ඇතුළත පරිසරය මෙන්ම රියදුරාගේ ක්‍රියාකාරකම් ද අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබයි.
රිය පැදවීමේදී රියදුරුට නිදිමත ගතියක් හෝ අධික මහන්සියක් දැනීම, රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිතය, හෝ ආසන පටි පැළඳ නොසිටීම වැනි අනාරක්ෂිත භාවිතයන් හඳුනාගතහොත්, ඒ පිළිබඳව හඬ පණිවිඩ ඔස්සේ වහාම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට මෙම පද්ධතිය සමත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart