
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව සමඟ අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කිරීමට අදහස් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
“අපි මෙම ගිවිසුම්වලට විරුද්ධ නැහැ, නමුත් ගැටලුව වන්නේ මෙම ගිවිසුම් පිළිබඳ අපට කිසිදු තොරතුරක් නොමැති වීමයි. විශේෂයෙන් ආරක්ෂක ගිවිසුමට ඇතුළත් කර ඇති දේ අපි දන්නේ නැහැ. මේ රටේ ජනතාවට මෙම ගිවිසුම් ගැන දැන ගැනීමට අයිතියක් තිබෙන නිසා අපි ඔවුන්ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා,” යනුවෙන් ඔහු අද මාධ්‍ය හමුවකදී පැවසීය.
“ඉන්දීය ව්යාප්තිවාදය ගැන කෑ ගසමින් සිටි පක්ෂයක් මෝදිව පිළිගෙන ඔහුට ඉහළම ගෞරවය ලබා දෙන බව දැකීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික බලවතකු වන ඉන්දියාව සමඟ වැඩ කළ යුතු නිසා එසේ විය යුතුයි,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart