
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව, සති කිහිපයක් ඇතුළත, අහස පමණක් නොව, සාගර ගැඹුර කෙරෙහි ද සිය දැක්ම විහිදුවා තිබේ.
චන්ද්‍රයාන්-3 සාර්ථකව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්සවීමෙන් පසුව, ඉන්දියාව දැන් සිය සමුද්‍රයාන් මෙහෙයුම සමඟ කිලෝමීටර් 06ක ගැඹුරු සාගර ජලය ගවේෂණය කිරීමේ ගමනකට සූදානම් වෙමින් සිටී.
විද්‍යා අමාත්‍යාංශයේ කිරෙන් රිජිජු පසුගියදා හෙළිදරව් කළේ ‘MATSYA 6000’ නමැති අති නවීන යාත්‍රාව මෙම ප්රයත්නය සඳහා යොදාගනු ඇති බවයි.
චෙන්නායි හි ජාතික සාගර තාක්ෂණ ආයතනයේ නිපදවා ඇති මෙම යන්ත්‍රයට මිනිසුන් තිදෙනෙකු රැගෙන යෑමට හැකියාව ඇත.
ගවේෂණයේ මූලික අවධානය යොමු වනුයේ ගැඹුරු මුහුදේ සම්පත් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සහ සමුද්‍ර ජෛව විවිධත්වය තක්සේරු කිරීමයි.
ඉන්දියාවේ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා සාගර සම්පත් තිරසාර ලෙස නිස්සාරණය කිරීම මෙම මෙහෙයුම අපේක්ෂා කරයි.
එය සමුද්‍ර පරිසර පද්ධතිවල සෞඛ්‍යය ද සහතික කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart