
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දිය කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය 03ට 02ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්විය.
ඒ තුන්වන පන්දුවාර විස්ස තරගය කඩලු 08කින් ජයගනිමිනි.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ලකුණු 165ක් රැස් කළේය.
එහිදී සූර්ය කුමාර් යාදව් ලකුණු 61ක් ලබාගත් අතර පන්දු යැවීමේදී රෝමාරියෝ ෂෙෆඩි කඩුලු 04ක් බිඳහෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 02ක් බිඳවැටී ලකුණු 171ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
කොදෙව් ජයග්‍රහණයේ නියමුවා වු බ්‍රෙන්ඩන් කිංග් හයේ පහර 06ක් සහ හතරේ පහර 05ක් සමගින් නොදැවි ලකුණු 85ක් රැස්කළේය.
මෙම තරගයේ ජයත් සමග 03 ට 02ක් ලෙස තරගාවලිය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, එලෙස පන්දුවාර විස්ස තරගාවලියක් ඉන්දියාවට එරෙහිව ජයගත්තේ 2017 වසරෙන් පසුවවීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart