
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගෙන් මිලියන 4.3ක් පමණ දෙනා අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර ඉන් කිසියම් ආකාරයක ප්‍රතිකාරයක් ලබා ගනුයේ මිලියන 1.5ක සංඛ්‍යාවකි.
මේ අතර ලොව පුරා අධික රුධිර පීඩනයට (හයි බ්ලඩ් ප්‍රෙෂර්) ගොදුරුවූවන් බිලියන 1.4ක ප්‍රමාණයක් ඉකුත් වසර (2024) අවසන් වනවිට වාර්තාා වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති ගෝලීය අධික රුධිර පීඩනය පිළිබඳ වාර්තාවෙහි සඳහන් කර තිබේ. මෙම සංඛ්‍යාව වසර 2030 වනවිට තවත් බිලියන 1.5කින් වාර්ධනය වනු ඇතැයි සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත.
අදාළ ගෝලීය අධික රුධිර පීඩනය සම්බන්ධ වාර්තාවට අනුව දැනට හඳුනාගෙන ඇති අධික රුධිර පීඩනයෙන් පෙළෙන බිලියන 1.4ක සංඛ්‍යාවෙන් සිය තත්ත්වය බෙහෙත් මගින් හෝ සිය සෞඛ්‍ය අවදානම් රටාව වෙනස් කරගනිමින් පාලනය කරගෙන ඇත්තේ පස් දෙනකුගෙන් එක් අයෙකුට මඳක් වැඩි සංඛ්‍යාවකි.
ලොව පුරා හෘදයාබාධ, ආඝාතය (ස්ට්‍රෝක්), සංජානනීය වකුගඩු රෝග හා ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන් වැළඳීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අධික රුධිර පීඩනය බවද එම වාර්තාවෙහි දැක්වේ. වෛද්‍යවරුන්ට අනුව අධික රුධිර පීඩනය වැළඳීමේ අවදානමක් පවතින වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් වසරකට වරක්වත් තම රුඩිර පීඩන මට්ටම පරීක්ෂා කරගත යුතුය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart