
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ පවතින මධ්‍යසාර පරිභෝජනය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් නව රජයට කරුණු 09කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මධ්‍යසාර නිෂ්පාදන සඳහා මිල සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් මධ්‍යසාර පරිභෝජනය අඩු කිරීමටත්, එමඟින් රජයේ ආදායම වැඩි කිරීමටත්, මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය හා ආර්ථික වියදම් අඩු කිරීමටත් හැකි බව එම මධ්‍යස්ථානය පවසයි.
ඔක්තෝබර් 03 දිනට යෙදී ඇති ලෝක මධ්‍යසාරවලින් තොර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙය මධ්‍යසාර භාවිතය අවම කිරීමේ ප්‍රත්‍යක්ෂ පියවරක් ලෙස ද ක්‍රියා කරන බවයි.
2022 වසරේ මධ්‍යසාර බදුවලින් රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 165ක් වුවද, එම වසර තුළදී අපේ රටේ මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
නව රජය රටේ ප්‍රගමනය සඳහා මුලපිරීම් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අවස්ථාවක, රටේ මත්පැන් ගැටලුව විසඳීම සඳහා පහත සඳහන් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart