
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200ක ණයක් නිදහස් කිරීමට ඊයේ අනුමැතිය ලබා දී ඇත.
“සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. ADB සිය මූල්‍ය අංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සහ ආයතනිකකරණය කිරීම මගින් දිගුකාලීන වර්ධනයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කරයි,” යනුවෙන් ADBහි ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කනොඩෝ පවසා ඇත.
“ආර්ථික අර්බුදයෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ දරිද්‍රතාවය පිටුදැකීමෙන් තිරසාර ප්‍රකෘතියක් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ බැංකු අංශයේ පාලනය ශක්තිමත් කිරීමට සහ මූල්‍ය පද්ධතිය පුළුල් කිරීමට මෙම උප වැඩසටහන මගින් ADB හි සහාය ලැබෙනු ඇත” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ADBහි මෙම උප වැඩසටහන යටතේ ඇති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නියාමන අධීක්ෂණය වැඩිදියුණු කරනු ඇත.
බැංකුවල දුර්වල ක්‍රියාවලීන් හඳුනාගෙන නිවැරදි ක්‍රියාමාර්ග හඳුන්වාදෙන, වැඩිදියුණු කළ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්ද මෙයට ඇතුළත් වේ.
විද්‍යුත් ගනුදෙනු වැඩිදියුණු කිරීම සඳහා පෞද්ගලික තොරතුරු ඩිජිටල්කරණය කිරීම තුළින් කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල මූල්‍ය තත්වයන් මෙමගින් තවදුරටත් පුළුල් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart