
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගනුදෙනු සැඟවීම සඳහා ආයතන තුනක් හරහා අරමුදල් යොමු කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් එල්ල කරන ලද චෝදනාවලින් අදානි සමූහය සහ එහි සභාපති ගෞතම් අදානි ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය විසින් නිදහස් කර ඇත.
ද හින්දු පුවත්පතේ වාර්තාවට අනුව, එම මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කිසිදු උල්ලංඝනයක් සොයා නොගත් අතර, ඒ අවස්ථාවේ දී සම්බන්ධ නොවන පාර්ශව සමඟ එවැනි ගනුදෙනු ‘අදාළ පාර්ශව ගනුදෙනු’ ලෙස සුදුසුකම් නොලබන බව සඳහන් කර තිබේ.
ණය පොලිය සමඟ ආපසු ගෙවා ඇති බවත්, කිසිදු අරමුදලක් පැහැර නොගත් බවත්, එබැවින් වංචාවක් හෝ අසාධාරණ වෙළඳ පිළිවෙතක් නොතිබූ බවත් එහි සඳහන් විය.
ඒ අනුව, අදානි සමූහයට එරෙහි සියලු ක්රියාමාර්ග ඉවත් කර ඇත.
2021 ජනවාරි මාසයේදී හින්ඩන්බර්ග් චෝදනා කළේ අදානි සමූහය විසින් Adicorp Enterprises, Milestone Tradelinks සහ Rehvar Infrastructure යන සමාගම් තුනක් අදානි සමූහ සමාගම් අතර මුදල් යොමු කිරීම සඳහා මාර්ග ලෙස භාවිත කළ බවයි.
අදාළ පාර්ශව ගනුදෙනු පිළිබඳ නීති මග හැරීමට මෙය අදානි හට උපකාර කළ බවත්, ආයෝජකයන් නොමඟ යැවීමට ඉඩ ඇති බවටත් චෝදනා කර තිබු බව ද හින්දු වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart