
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ප්‍රථම වරට මුහුදු කායක් තරඟාවලියක් පවත්වා තිබේ.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය සහ ඉන්දීය කැනෝයි හා කායක් සංගමය එක්වයි.
මෙම ඉන්දු ශ්‍රී ලංකා කායක් තරඟාවලියේ සමාරම්භක උත්සවය උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ලෙඩ්චුමනන් ඉලංගෝවන් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් තලෛයිමන්නාරම් වෙරළ තීරයේදී පසුගියදා පැවැත්විණි.
මන්නාරම සහ යාපනය අර්ධද්වීපය ඇතුළු උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සඳහා ඉතාමත් සුදුසු වටිනා ස්වාභාවික පාරිසරික පද්ධතියකින් සමන්විත වේ.
එවන් පසුබිමක උතුරු පළාතේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනුලබන ජල ක්‍රීඩා ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන සුහදත්වය හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සංකල්පයක් මත, මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
තරගාවලිය සඳහා මෙරට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස් එක් දෙනෙකු (31) සහභාගී වූ අතර, ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක් සහභාගී වූහ.
එමෙන්ම, ඒ සඳහා නාවික හමුදාපති කායක් පැදි යාත්‍රාවක් මඟින් සහභාගී වීම විශේෂතත්වයක් විය.
ප්‍රථම වරට පැවැත්වූ මෙම තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රදේශයේ පාසල් දූ දරුවන් පිරිසක්ද එක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart