
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන දැරියගේ මරණය දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට විපක්ෂය උත්සාහ කරන බව පවසමින්, සභානායක බිමල් රත්නායක අද විපක්ෂයෙන් ඉල්ලා සිටියේ දැරියගේ මරණය දේශපාලනීකරණය කිරීමෙන් වළකින ලෙසයි.
සිද්ධිය දැනගත් වහාම මේ පිළිබඳව සොයාබලන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකට දැනුම්දුන් බව අමාත්‍ය රත්නායක පාර්ලිමේන්තුවට පැවසීය.
දරුවාගේ දෙමාපියන් විධිමත් පැමිණිල්ලක් කරන තෙක් අමාත්‍ය පෝල්රාජ් බලා සිටින බවට එල්ලවන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.
“මේ සම්බන්ධයෙන් සොයාබැලීමට තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකට දැනුම් දුන් බව ඇය ඊයේ මට පැවසුවා. පැමිණිල්ලක් කරන තුරු ඇමතිවරිය බලාසිටියේ නැහැ. කෙසේවෙතත්, විධිමත් පැමිණිල්ලක් ද තිබිය යුතුයි. සිසුවියගේ දෙමාපියන් මාධ්‍ය හමුවක් සංවිධානය කර විරෝධතා පාගමනක් ද පැවැත්වුවා. දැන් ඔවුන් කොළඹ සිටින බැවින් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart