
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අස්වැසුම සුබසාධන වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කනස්සල්ල පළකර තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් ගාලු මුවදොර හෝටලයේ පැවති ‘අනාගතය සඳහා අයවැය’ සංසදයේදී (‘Budgeting for the Future’ forum) ප්‍රශ්න කළේය.
අස්වැසුම සුබසාධන වැඩසටහනේ ව්‍යුහගත, දත්ත පදනම් වූ ක්‍රමවේදයක් නොමැතිකම විවේචනය කළ විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේ, දරිද්‍රතා මට්ටම් තීරණය කිරීම සඳහා නිල සමීක්ෂණයක් රජය විසින් සිදුකර නොමැති බවයි.
පවුලක ආදායම සහ වියදම් තක්සේරු කිරීම සඳහා සංගණනයක් පැවැත්වීම වෙනුවට දුප්පත්කම 33% ලෙස තක්සේරු කරන ලද Learn Asia අධ්‍යයනයක් මත රජය විශ්වාසය තබා ඇති බව ඔහු එහිදී පැවසුවේය.
ඉතුරුම්, ආයෝජන හෝ නිෂ්පාදන සංරචක ඇතුළත් නොකර දිළිඳුකම පිටුදැකීමේ පුළුල් වැඩපිළිවෙළක් ලෙස අස්වැසුම සලකන්නේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.
දෛනික ආදායම් සීමාවන් සහ කිලෝ කැලරි ප්‍රමාණය වැනි ගෝලීය දරිද්‍රතා තක්සේරු කිරීමේ නිර්ණායක සඳහන් කරමින් අස්වැසුම වැඩසටහන සඳහා වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart