
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (15) උදෑසන අනුරාධපුර, මිහින්දුපුර ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන ‘සිසු සැරිය’ බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රථවාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ගැබිණි කාන්තාවක අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන පරිදි, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක ගමන් කරමින් තිබූ යතුරුපැදිය, පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ සිසු සැරිය බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවූ ස්ථානයේදීම යතුරුපැදියේ ගමන් කළ පිරිමි පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සහ තුවාල ලැබූ ගැබිණි කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ සිට සිය මිතුරෙකුගේ නිවසක් වෙත පැමිණ ඇත.
ඔවුන් එහිදී තවත් මිතුරකු ද සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර රථවාහන පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart