
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (11) උදෑසන කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැළකිල්ලද නැතහොත් බස් රථයේ තාක්ෂණික දෝෂයක් නිසාද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මියගිය අය අතර පිරිමින් 16 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු සිටින බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයන් 35 කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් ප්‍රකආෂ කරයි.
නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අද අලුයම මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගියේය.
අනතුරට ලක්වූ බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වන අතර එය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වෙමින් පැවති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart