
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයන්ගේ ආරක්ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.
ඒ යටතේ වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් වෙතින් ලද ගිනි අවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග තොගය ආරක්ෂිතව ගබඩා කිරීම සඳහා නාවික හමුදාව වෙත භාරගැනීම, 2025 ඔක්තෝබර් මස 30 වැනි දින ගාල්ල, පෙට්ටිගලවත්ත වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් අවිගබඩා සංකීර්ණයේදී සිදුකෙරිණි.
සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒ සඳහා බලය පවරන නියමයක්, අංක 2449/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අගෝස්තු මස 13 වැනි දින නිකුත් කෙරිණි.
එකී නියමයන්ට අනුව නෞකා ආරක්ෂක කණ්ඩායම් (Onboard Security Team – OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුළ ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්ෂක සමාගම්හි දේශීය නියෝජියතයින් ගිවිසුම්ගතවීම සිදුකෙරිණි.
ඒ යටතේ, 2025 ඔක්තෝබර් මස 30 වැනි දින පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමාගමක දේශීය නියෝජිතයකු විසින්, ගබඩා කර තැබීම සඳහා නාවික හමුදාව වෙත මෙලෙස අවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග භාරදීම සිදුකෙරිණි.
එම අවස්ථාව සඳහා සහභාගීවු පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් නියෝජනය කරමින් පැමිණි දේශීය නියෝජිතයින් විසිදෙනකුට වැඩි පිරිසක් වෙත මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාවේ පරිපාලන, ආරක්ෂක හා මෙහෙයුම් සූදානම පැහැදිලි කිරීමද සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart