
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයගත් කණ්ඩායම බවට නේදර්ලන්තය පරාජය කළ ඕස්ට්‍රේලියාව අද පත්විය.
ඒ, චෙන්නායි හිදී ලකුණු 309කින් නෙදර්ලන්තය පරාජයට පත්කරමිනි.
තරගයේ පළමුව,පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 399ක් රැස් කළේය.
අඛණ්ඩව තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 104 රැස්කළ අතර, එය ඔහුගේ 22වැනි එක්දින අන්තර්ජාතික ශතකය විය.
ස්ටීව් ස්මිත් ලකුණු 71ක් සහ මානස් ලබුශේන් ලකුණු 62 රැස්කළහ.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ග්ලෙන් මැක්ස්වෙල් ලෝක කුසලාන එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය පන්දු 40කදී වාර්තා කළේය.
පන්දු 43කදී ලකුණු 106ක් ලබාසිටියදි ඔහු දැවී ගියේය.
පන්දු යැවීමේදී බැස් ඩී ලීඩ්ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්වූ අතර, එය සටහන් වූයේ පන්දු යවන්නකුට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලකුණු 400ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 21ක් අවසානයේ ලකුණු 90කට සියලුදෙනා දැවිගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart