April 3, 2026

කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක නීතිවිරෝධිව සඟවා තිබූ බලපත්‍ර රහිත ලීටර් එකේ විදේශ මත්පැන් බෝතල් 400 කට අධික
ප්‍රමාණයක් සුරා බදු විශේෂ බුද්ධි ඒකකය මගින් ඊයේ (02 දා ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ විදේශ මත්පැන් බෝතල් තොගයේ විස්කි බෝතල් 50ක් පමණ තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බව පැවැසේ.

මේ සම්බන්ධව එහි සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබෙන අතර, ඉදිරියේදී ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කර ගෙන
යයි.