
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගනුලැබූ, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විස්කි බෝතල් 18,765 ක් වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය නිරීක්ෂණය කර තිබේ.
මෙම විස්කි තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද එහිදී අනාවරණය විය.
එම විස්කි තොගය නිරීක්ෂණය සඳහා වැඩබලන මුදල් ඇමැතිවරයා අද (22) ඔරුගොඩවත්ත RCT රේගු පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ.
ඇමැතිවරයා එහිදී ජනමාධ්‍යය අමතමින් මෙසේ සඳහන් කර තිබේ.
“මේ සඳහා අයවිය යුතු බදු මුදල කෝටි 14 ත් ඉක්මවා යනවා. මේකෙ වෙළෙඳපොළ වටිනාකම කෝටි 17 කටත් වැඩියි. මේවා හය වතාවකට පමණ ලංකාවට නීතිවිරෝධීව ගෙනල්ලා තියෙනවා. රේගුවේ විශේෂ විමර්ෂණ අවස්ථා වලදී අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තමයි මේ තියෙන්නෙ. ඒ සඳහා ඒ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. රටට අහිමිවෙන්න ගිය කෝටි 17 ක් පමණ මුදල අපේ රටට රැකල දුන්නට. මෙච්චර කාලයක් මත්පැන් වාගේ අත්අඩංගුවට ගත් දෙයක් එහි වටනාකම අපට ගණනය කරන්න ක්‍රමවේදයක් අපට තිබුණේ නෑ. එහි ප්‍රමිතිය පිළිබඳව අපට ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම සුරාබදු කොමසාරිස්වරයා එක්ක කථාකරලා තරගකාරී වෙළෙඳපොළට මේක නිකුත් කරන්න රේගු අධ්යක්ෂ ජනරාල්තුමන් කටයුතු කරලා තියෙනවා. ඊළඟ වෙන්දේසියේදී බලපත්‍ර සහිත සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියේදී තරගකාරී මිලකට මෙම මත්පැන් බෝතල් ලබාගන්න පුළුවන්. ඒකෙන් රජයට අහිමිවෙන්න ගිය විශාල බදු මුදලක් නැවත රටට හිමිවෙනවා. ඒ වගේම මින් ඉදිරියට මේ වගේ දේවල් කරන්න බොහෝ අය පෙළඹවෙන එකක් නෑ මෙවැනි සොයාබැලීම් නිසා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart