
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදයට බියෙන් පලා ගිය සජිත්ට සහ අනුරට දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී ඇත්තේ තම නායකත්වය යටතේ රට තුළ ඇති වූ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
මෙම ස්ථාවරත්වය තම පාලනයේ ප්රතිඵලයක් බවද ඔහු අවධාරණය කරයි.
සජිත්ට මෙම මැතිවරණය ජයග්රහණය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අමතමින් ජනාධිපති වික්රමසිංහ ප්රකාශ කළේ සජිත්ට දෙන ඡන්දය අනුරට ලැබෙන ඡන්දයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්ති පාවා නොදෙන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
ජනාධිපති වික්රමසිංහ මේ බව ප්රකාශ කළේ කැකිරාව මහජන ක්රීඩාංගණයේ ඊයේ (01) පැවති ‘පුළුවන් ශ්රී ලංකා’ රැලිය අමතමිනි.
අභියෝගවලට මුහුණදීමට නම් අතීත අත්දැකීම් උකහා ගනිමින් ශක්තිමත් පදනමක් මත නව රජයක් ගොඩනැගිය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
මෙම අනාගත පදනම ගොඩනැගීම සඳහා ජනවරමක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සජිත්ගෙන් සහ අනුරගෙන් අපේක්ෂා කරන දැඩි වෙනස විවේචනය කළ ඔහු, එය නිවසක් ගිනි තැබීමකට සමාන යැයි සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ ජයග්රහණය මුළු රටේම ජයග්රහණයක් බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart