
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේ පිහිටි හින්දු බැතිමතුන්ට සත්කාරකත්වය සපයන ගම්මානයකට හදිසියේ බලපෑ ජලගැලීමකින් පුද්ගලයන් 38 දෙනකු මියගොස් තිබේ.
හිමාලය කඳුකරයේ සුප්‍රසිද්ධ සිද්ධස්ථානයක් වෙත ළඟාවීම සඳහා වන්දනාකරුවන් බහුලව භාවිත කරන මාර්ගයක් පවතින කිෂ්ත්වාර් දිස්ත්‍රික්කයේ චෝසිටි නම් දුරස්ථ ගම්මානයේ මෙම ව්‍යසනය සිදුව ඇත.
අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝවල දැක්වෙන පරිදි වාහන ජලයේ ගසාගෙන යන අයුරු සහ මිනිසුන් වීදිවල කෑගසන ආකාරයත්, ඇතැමුන් මඩ සමග මුසුවී ගසාගෙන ආ ජල පහරට හසුවූ නිවාස තුළ සිටින පුද්ගලයන් සොයමින් සිටින අයුරුත් දැක්වේ.
ආපදාකාරී තත්වය හමුවේ වන්දනාකරුවන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන තිබූ නමුත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති අතර ඔවුන් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
කෙසේවෙතත් ජල පහරට හසුව මාර්ග ගසාගෙන ගොස් ඇති බැවින් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ඇතැම් ස්ථානයට ළඟාවීමට අපහසු වී තිබේ.
එම ප්‍රදේශයේ පවතින කාලගුණ තත්වය හෙලිකොප්ටර් සඳහා ද යහපත් නොවන බැවින් එම මෙහෙයුම් තවත් සංකීර්ණ වී ඇත.
ප්‍රදේශවාසීන් විදෙස් ජනමාධ්‍ය වෙත අදහස් දක්වා ඇති පරිදි, ආපදා තත්වය හමුවේ මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු 15ක් පමණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙනවිත් තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ, බැතිමතුන් දිවා ආහාරය ගනිමින් සිටි විශාල මුළුතැන්ගෙයක් වැනි ස්ථානයක් සම්පූර්ණයෙන්ම ජලයට ගසාගෙන ගොස් ඇති බවයි.
ආපදා තත්වය හේතුවෙන් අදට යෙදී තිබෙන ඉන්දීය නිදහස් දින සැමරුම සඳහා එම ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ඇතැම් සංස්කෘතික ක්‍රියාකාරකම් අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.
විපතට පත්වූ පුද්ගලයන් සඳහා කඩිනමින් සහන සේවා සපයන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart