
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 මුල් භාගයේ කොළඹ වරාය ආසන්නයේ දී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවට අදාළව නීතිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන් නොදන්නා බවට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට පැමිණිලි කර තිබේ.
නීතිපතිවරයාගේ ආකල්පය හේතුවෙන් තමන් අත්විඳින දුෂ්කරතා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය පැහැදිලි කර ඇත.
අධිකරණ අමාත්‍යංශය විසින් අන්තර්ජාතික කමිටුවක් පත්කිරීම ප්‍රකාශ කිරීමත් සමඟ ඔවුන් විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ තත්ත්වය පිළිබඳ විමසුමකට නීතිපතිවරයාගේ ප්‍රතිචාරය නොලැබුණු බවට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය චෝදනා කළේය.
සමගි ජන බලවේගයේ අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධීක්ෂණ කාරක සභාව පසුගියදා මෙම ගැටලුව සැළකිල්ලට ගන්නා ලදී.
විද්වත් කමිටුව විසින් සිදුකරන ලද කාර්යයන් සඳහා ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව ද එහිදී අනාවරණ විය.
මේ සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුවේ සාමාජිකයන් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පිළිබඳ විමසූ අතර අදාළ විශ්වවිද්‍යාලවලින් විමසීම් සිදුකර ඇති බව එම කමිටුවේ සම සභාපති මහාචාර්ය අජිත් ද සිල්වා අනාවරණ කළේය.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, නීතිපතිවරයා සහ ධීවර අමාත්‍යංශය අතර සහයෝගීතාවක් නොමැතිකම හේතුවෙන් ධීවර ප්‍රජාවට වන්දි ගෙවීම ඇතුළු සමස්ත ක්‍රියාවලියටම බලපෑම් එල්ල වී ඇති බව අනාවරණ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart