August 7, 2023

ත්‍රිකුණාමලයේදී පුහුණු ගුවන් යානයක් හදිසියේ කඩාවැටී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් එහි සිටි හමුදා සාමාජිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය පවසන්නේ චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වූ යානයේ සිටි පුහුණුව ලබන ගුවන් නියමුවකු සහ පුහුණුකරු මෙලෙස මියගොස් ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව වාර්තා වෙයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබද විමර්ශනය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත.