
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු ආනයනයක් සිදු නොකර ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් විදේශගත කිරීමේ මහා පරිමාණ වංචාව සම්බන්ධ විමර්ශන ආරම්භ වූයේ පෑලියගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක තිබී විශාල මුදලක් හමු වීමත් සමඟ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කරයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, සාමාන්‍ය පොලිස් පරීක්ෂාවකදී ත්‍රිරෝද රථයක තිබී රුපියල් ලක්ෂ ගණනක මුදලක් හමුවීමෙන් පසු ඇති වූ සැකය මත මෙම මහා පරිමාණ ජාවාරම අනාවරණ කර ගැනීමට හැකි වූ බවයි.
ශ්‍රී ලංකාවෙන් බැංකු පද්ධතිය හරහා විදේශීය ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් යවා තිබුණද, ඊට අදාළව කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම පරීක්ෂණය මුලින්ම බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කළ අතර, පසුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය (CCIB) වෙතත්, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතත් භාර දී තිබේ.
සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු සහ ව්‍යාපාරිකයකු අගෝස්තු 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart