
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ටෙලිකොම් සමාගමකට දැනුම්දීමට සූදානම් වන බවත් නොගෙවූ විදුලි සංදේශ බදුවලින් රුපියල් මිලියන 77.71ක් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වන බවත් වාර්තා වේ.
පෞද්ගලික සමාගම් තුනකින් එකතු කරන ලද බදු ඇතුළුව මෙම මුදල අදාළ සමාගම විසින් බොල් ණය ලෙස කපා හැර තිබිණි.
දැනුම්දීම කළ පසු, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර හිඟ මුදල පියවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාගමට සති තුනක් ලබාදෙයි.
මීට පෙර මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර වශයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් පැහැදිලි කළේ කොමිසම කිසිදු මුදලක් කපා හැර නොමැති බවයි.
ඒ වෙනුවට, දැන්වීම කෙටුම්පත් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා ඇත.
“අපි පැහැර හරින ලද මුදල ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. අපි කිසිදු මුදලක් කපා හැර නැහැ. 2024 ඔක්තෝබර් 8 වැනි දින, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාගේ මතය ඉල්ලා සිටියා, 2024 දෙසැම්බර් 11 වැනි දින නීතිපතිවරයා ප්‍රතිචාර දක්වමින් දක්වමින් තහවුරු කළේ මෙම මුදල ගෙවිය යුතු බවයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිවේදනය සකස් කරන ලෙස ඉල්ලා පෙබරවාරි 5 වැනි දින නීතිපතිවරයාට ලිපියක් යොමුකළා. නීතිමය ක්‍රියාමාර්ගයේ පළමු පියවර වන්නේ දැන්වීමයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු මුදලක් කපා හැර නැහැ, ”යනුවෙන් ඔහු පැවසීය.
නොගෙවූ මුදල 2023 මූල්‍ය පත්‍රිකාවලට ඇතුළත් කර නොතිබීමට හේතුව පැහැදිලි කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබුණේ එම මුදල සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී ඇති බවයි.
ටෙලිකොම් ක්‍රියාකරු එය බොල් ණය ලෙස කපා හැර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එම මුදල කපා හැරිය යුතු බවට තර්ක කරමිනි.
“පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අපි මුදල් අමාත්‍යාංශයට ලිව්වා. මෙය ලැබිය යුතු මුදල ලෙස සැළකිව යුතුද යන්න පිළිබඳ අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් නොතිබූ නිසා අපි එය මූල්‍ය පත්‍රිකාවලට ඇතුළත් කළේ නැහැ. එම මුදල සැබවින්ම ලැබිය යුතු මුදලක් බව තහවුරු කළ නීතිපතිවරයාගෙන් අවසරය ලැබීමෙන් පසුවයි, අපි එය 2024 මූල්‍ය පත්‍රිකාවලට ඇතුළත් කළා,” යනුවෙන් නිලධාරියා පැහැදිලි කළේය.
ටෙලිකොම් සමාගම නොගෙවූ බදු බොල් ණය ලෙස වර්ගීකරණය කිරීමට ගත් තීරණය ජාතික විගණන කාර්යාලය මෑතකදී විවේචනය කළ අතර, හිඟ බදු අයකර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ද ඉල්ලා සිටියේය.
රුපියල් මිලියන 77.71ක පැහැර හරින ලද මුදලට ප්‍රමුඛ ටෙලිකොම් සමාගම යටතේ ඇති පෞද්ගලික සමාගම් තුනකින් එකතු කරන ලද බදු ඇතුළත් වේ.
The Sunday Morning
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart