
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තමිම් ඉක්බාල් විසින් සියලුම ආකෘති ත්‍රිත්වයම නියෝජනය කරන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
මෙම නව සංශෝධනයට අනුව, පළමු පන්තියේ තරගයක් සඳහා ක්‍රීඩකයෙකුට හිමිවන ගාස්තුව බංග්ලාදේශ ටාකා 150,000 ක් (ඇමෙරිකානු ඩොලර් 1,220 ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.
මීට පෙර එම අගය පැවතියේ ටාකා 70,000 ක් (ඇමෙරිකානු ඩොලර් 570 ක් පමණ) ලෙස ය. කෙසේ වෙතත්, මෙම වසර මුලදී එය ටාකා 100,000 දක්වා ඉහළ නංවා තිබිණි.
එසේම, එක්දින තරග සඳහා පැවති ටාකා 50,000 ක (ඇමෙරිකානු ඩොලර් 407 ක් පමණ) තරග ගාස්තුව දෙගුණයකින් ඉහළ නංවමින් ටාකා 100,000 (ඇමෙරිකානු ඩොලර් 814 ක් පමණ) දක්වාත්, දේශීය T20 තරග සඳහා පැවති ටාකා 40,000 ක (ඇමෙරිකානු ඩොලර් 326 ක් පමණ) ගාස්තුව ටාකා 80,000 (ඇමෙරිකානු ඩොලර් 651 ක් පමණ) දක්වාත් වැඩි කර ඇත.
මෙම තරග ගාස්තු ඉහළ නැංවීම තුළින් ක්‍රීඩකයන්ගේ ආදායම දීර්ඝකාලීනව වර්ධනය කිරීම අපේක්ෂා කරන බව තමිම් ඉක්බාල් සඳහන් කළේය.
මීට අමතරව, දේශීය කාන්තා ක්‍රිකට් තරග සඳහා වන ගාස්තු ද ඉහළ නැංවීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන ඇති අතර, නව ව්‍යුහය යටතේ සිව්දින, එක්දින සහ විස්සයි20 තරග සඳහා වන කාන්තා තරග ගාස්තු ද දෙගුණයකින් ඉහළ දමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart