
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිසුන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් නිවසට සැලවීමෙන් පසු එයට උරණ වූ එක් සිසුවකුගේ පියකු අනෙක් සිසුවාගේ පාදයක් පිහියකින් කැපීමේ සිදුවීමක් බිබිල ප්‍රදේශයෙන් වාර්තා වේ.
කැකුළක් කැපීමෙන් පසු අදාළ සිසුවා බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇති බව බිබිල පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ප්‍රතිකාර ලබනුයේ බිබිල දොඩම් ගොල්ල විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
අනතුර සිදු කළ බිබිල, නාගල,අඹගහකිවුල, වන්නි ආරච්චිලාගේ විජේතිලක බණ්ඩා යන සැකකරු අත්අඩංගුවට ගෙන බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට මාර්තු 31වැනි දින ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද පොලිසිය සඳහන් කරයි.
පිහි පහරට පාදය කැපී ශල්‍යකර්මයක් සිදු කළ සිසුවාගේ තත්ත්වය බරපතළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart