
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්නට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.
අදාළ වාර්තාව සතියක් ඇතුළත ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබු දරුවන් 05 දෙනකු මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට ජලය ලබා ගැනීම සඳහා ජල කරාම සවි කළ බැම්ම ඉදිකර ඇත්තේ, කොන්ක්‍රීට්වලින් සකස් කළ සින්ක් එකක් සහිතවය.
පාසලේ පළමු ශ්‍රේණි ගොඩනැගිල්ල ඉදිරිපිට එය ඉදිකර තිබුණු අතර පාසල් විවේක කාලයේ ඒ අසලට පැමිණි දරු දැරියන් පිරිසක් මතට එය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart