July 21, 2026

රට තුළ මතුවන සෑම ගැටලුවකටම අවසානයේදී හේතුවී ඇත්තේ ආණ්ඩුව හෝ ගෝලීය ගැටලු නම් රට තුළ ස්වාධීන බලතල සහිත මහ බැංකුවකට පවතින පිළිතුර කුමක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ ප්‍රශ්න කළේය.

තමන් මේ සම්බන්ධයෙන් සැමවිටම ප්‍රශ්න කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ 2015 සිට 2018 දක්වා කාලය තුළ පැවැති එක්සත් ජාතික පක්ෂට ප්‍රමුඛ ආණ්ඩුව රටේ ආර්ථිකය වර්ධනය කළ බවයි.

එවක ආණ්ඩුව තෙල් මිල අඩු කළ බවත්, විශ්ව විද්‍යාල සිසුන්ට පොලී රහිත ණය ලබාදුන් බවත්, ස්වභාවිත ආපදා වෙනුවෙන් රක්ෂණය ලබාදුන් බවත්, ජීවන වියදම අඩු කළ බවත්, ආයෝජකයින් ගෙන්වා ගෙන රටේ වර්ධන වේගය පවත්වාගෙන ගිය බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

වර්තමානයේ රට මුහුණ පා ඇති තත්වය වැනි තීරණාත්මක අවස්ථාවකදී ජාත්‍යන්තර මට්ටමට ලංකාව ගෙන එන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

එමෙන්ම ලංකාව යනු ලෝකය තුළ ඇති රටක් මිස ලෝකය ඇත්තේ ලංකාව තුළ නොවන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.