
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට මුහුදු සීමාවට ඇතුළු වන පුද්ගලයන් සම්බන්ධයෙන් රටේ නීතියට අනුව කටයුතු කිරීම රජයේ ස්ථාවරය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යළිත් අවධාරණය කර තිබේ.
කච්චතිව් දූපතේ පැවති ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යයෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වයිස් අද්මිරාල් බානාගොඩ කියාසිටියේ රටේ ධීවර සම්පත ආරක්ෂා කිරීමට නාවික හමුදාවට බලතල පැවරී ඇති බවයි.
එහිදී යාපනයේ රෝමානු කතෝලික රදගුරු පදවියේ විකා ජනරාල් ගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමන් පැවසුවේ, ධිවරයින් සමුද්‍ර සම්පත් සුරැකීම සහ අනාගත පරපුරට ගවේෂණ කිරීමට යමක් ඉතිරි කිරීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.
“අපි දැන් භුක්ති විඳින්නේ සම්පත් සූරාකෑම ගැන සිතමින් සිටි අපේ මුතුන්මිත්තන් සමඟ සම්බන්ධ වූ දෙයක්. අනාගත පරපුරට අපි ඉතිරි කරන දේ ගැනත් අපි කල්පනාකාරී විය යුතුයි.” පියතුමෝ එහිදී පැවැසූහ.
ලංකා මුහුදු සීමාවේ නිතර මසුන් ඇල්ලීමේ යෙදෙන ඉන්දීය බොටම් ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් රජය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ගවලට විරෝධය පළකරමින් පසුගිය වසරේ ඉන්දීය ධීවරයන් මංගල්‍යය වර්ජනය කර තිබිණි.
තෝරාගත් පූජකවරුන් හැර ඉන්දියාවේ කිසිදු කතෝලික බැතිමතෙක් ඊට සහභාගී නොවීය.
නාවික හමුදා සාමාජිකයන් විසින් නැවත නැවතත් අනතුරු අඟවා තිබියදීත් ඔවුන් මෙරට මුහුදු සීමාවෙන් පළවාහරින ලද ධීවරයන් 150 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයන් අධිකරණයට ඉදිරිපත් කර මාස හයක සිරදඬුවමකට යටත් කිරීමෙන් පසු මුදාහරින අතර ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය හරහා වෙන්දේසි කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart