
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙය දෙසැම්බර් සිට එරටින් වාර්තා වූ සිව්වැනි ගිනිකඳු පිපිරීමයි.
ප්‍රබල සහ වේගවත් ලාවා ගලායෑම ආරම්භ වී තිබුණේ සෙනසුරාදා දිනයේදීය.
ඉරිදා උදෑසන වනවිට ලාවා ගලායෑම මන්දගාමී සහ ස්ථාවර වී ඇති බව අයිස්ලන්ත කාලගුණ කාර්යාලය පැවසීය.
එම කාර්යාලය පැවසුවේ ලාවා ගලායෑම සිදුවන්නේ කලාපයේ ජල නළයේ සිට මීටර් 200 දුරින් බවය.
Reykjanes අර්ධද්වීපයේ අවසන් වරට ගිනිකඳු ක්‍රියාකාරකම් පැවතියේ මීට වසර 800කට පෙර වන අතර එහිදී එම පිපිරීම් දශක ගණනාවක් පැවතිණි.
මෙම පිපුරුම 2021 සිට හත්වැනි පිපිරුම වන අතර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශය දශක කිහිපයක් හෝ සියවස් ගණනක් පැවතිය හැකි නව ගිනිකඳු යුගයකට අවතීර්ණ වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart