
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංගප්පූරුවේ ඊස්ට් කෝස්ට් පාරේ හෝටලයකදී සිය බිරිඳ ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙක් පසුව ඒ අසල පිහිටි පොලිස් මුරපොළකදී එය පාපොච්චාරණය කිරීමෙන් පසුව ඔහුට එරෙහිව අද (11) අධිකරණයෙන් චෝදනා කර ඇත.
ඒෂාන් තාරක කූට්ටගේ (30) නමැති මෙම පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳවන 32 හැවිරිදි දියවින්නගේ සෙව්වන්දි මධූකා කුමාරි ඝාතනය කර ඇත්තේ, සෙනසුරාදා පෙරවරු 10.45ත් සවස 4.42ත් අතර කාලයේ කටොන්ග් සාප්පු සංකීර්ණයට යාබදව පිහිටි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් සිංගප්පූරු කටොන්ග් නම් ස්ථානයේදීය.
පවසුව ඔහු සවස 5.05ට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි Marine Parade Neighbourhood පොලිසිය වෙත පැමිණ ඝාතනය කළ බවට පාපොච්චාරණය කිරීමත් සමඟ පොලිසිය මෙම අපරාධය පිළිබඳව දැනගෙන ඇත.
එමෙන්ම පොලිස් නිලධාරීන් ඔහුගේ හෝටල් කාමරය වෙත යන මොහොතේ අදාළ කාන්තාව කැපුම් තුවාලයක් සහිතව නිශ්චලව වැටී සිටිනු දැක ඇති බව සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් විසින් ඇය මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇති අතර, පසුව ඇයගේ සැමියා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයේ තිබී සොයාගෙන තිබේ.
සඳුදා දින උසාවියේදී පෙනී නොසිටි ඔහු, වීඩියෝ ඇමතුමක් සම්බන්ධ වී සිංහල භාෂා පරිවර්තකයෙක් හරහා කතා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart