
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුට මෙසේ වෙඩි තබා ඇත.
මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.
ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.
වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.
ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.
තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.
තුවාල ලැබූ කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න මහතාගේ බිරිඳ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart