
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික සිසුවකු මියගොස් තිබේ.
නොටින්හැම් A60 හන්ටින්ඩන් වීදියේදී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ 31 හැවිරිදි ඕෂද ජයසුන්දර නම් සිසුවෙකි.
ඔහු නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වූ අතර මේ වනවිට ඔහු ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හදාරමින් සිටි බව වාර්තා වේ.
අලුයම 03ට පමණ පොලිසිය විසින් ලුහුබැඳ ගිය මෝටර් රථයක ඔහු ගැටී ඇති අතර අනතුරින් පසු දෙසැම්බර් 13 වැනි බදාදා අලුයම මියගොස් ඇත.
නොටින්හැම්ෂයර් පොලිසිය විසින් මේ සිදුවීම පොලිසියේ ක්‍රියාකාරකම් පිළිබඳ සහ පොලිස් හැසිරීම් පිළිබඳ ස්වාධීන කාර්යාලය වෙත යොමුකර ඇත.
ඕෂද ජයසුන්දරට උපහාර දක්වමින් ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළේ “මේ අවාසනාවන්ත සිදුවීම සමඟ අපගේ හදවත් ශෝකයෙන් බර වේ. මින් ඉදිරියට මෙවන් අවාසනාවන්ත විපතක් කිසිවකුට විඳීමට සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.අපි දැඩි ලෙස ශෝකවන අතර, ඕෂදගේ මතකයට ගෞරවකිරීමක් ලෙස මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි අපි දැඩි ලෙස බලාපොරොත්තු වෙමු.” යනුවෙනි.
නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලය විසින් ඕෂද විස්තර කරනු ලැබුවේ ඔහුගේ සම වයසේ මිතුරන් සහ ගුරුවරුන් විසින් හොඳින් ගෞරව කරන ලද කැපවීමෙන් කටයුතු කළ ශිෂ්‍යයකු ලෙසය.
“නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍ය ඕෂද ජයසුන්දරගේ මරණය ගැන ඇසීමෙන් අපි කණගාටු වනවා. මෙම දුෂ්කර අවස්ථාවේ අප ඔහුගේ පවුලේ අය සහ මිතුරන් සමඟ සිටිනවා. ඕෂද තම සම වයසේ මිතුරන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් හොඳින් ගෞරවාදරයට පාත්‍ර වූ කැපවීමෙන් කටයුතු කළ ශිෂ්‍යයෙක්.” යනුවෙන් නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
“පශ්චාද් උපාධි ප්‍රජාව සමග අන් අයට උපකාර කිරීමට ඔහු උනන්දු වූ අතර ඔහුගේ දයාව, සැළකිල්ල සහ කරුණාව බැබළිණි. ඔහුව හඳුනන අයට ඔහුගේ අගය දැනෙනු ඇති බව අපි දනිමු, දුකට පත් සියලුම සිසුන්ට සහ සගයන්ට අපි සහයෝගය ලබා දෙන්නෙමු.” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් 27 හැවිරිදි ජෝෂුවා ග්‍රෙගරි නම් පුද්ගලයාට වැරදි හතරක් පිළිබඳ චෝදනා එල්ල වී ඇත.
අනතුරුදායක රිය පැදවීමෙන් පුද්ගලයකු මරණයට පත්කිරීම, රක්ෂණය නොමැතිව රිය පැදවීමෙන් මරණය සිදුකිරීම, මාර්ග අනතුරකින් පසු නතර නොකිරීම සහ විශ්ලේෂණ සඳහා ජෛව නියැදියක් ලබා නොදීම යන චෝදනා ඊට ඇතුළත් වේ.
ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ජනවාරි 12 වැනිදා නොටින්හැම් ක්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart