
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ සිදුකළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ සැකකරු ලබන අද (29) අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පසුගිය මැයි 20 වැනිදා ගුජරාටයේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව මගින් එම පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමුකළ යුතු බවට නිර්දේශ කර ඇති බවයි.
ISIS සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා ISIS සාමාජිකයින් බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී නොමැති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.
ISIS සමග සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගේ හසුරුවන්නා ලෙස ඔස්මන්ඩ් ජෙරාඩ් නමැත්තෙකු කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සැක පළකරයි.
එම සැකකරු සිටින ස්ථානය පිළිබඳ ඕනෑම විශ්වසනීය තොරතුරක් සඳහා රුපියල් මිලියන 2 ක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකා පොලිසිය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
අවශ්‍යව සිටින සැකකරු වන ඔස්මන්ඩ් ජෙරාඩ් නිතර තම පෙනුම වෙනස් කරන බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කළේය.
46 හැවිරිදි ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රහස් පරීක්ෂකයන්ට අනුව හලාවතදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඔස්මන්ඩ් ජෙරාඩ්ගේ බාල සහෝදරයන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart