
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වසරේ වැලන්ටයින් දිනයේ නිකුත් කිරීමට නියමිත මාර්වල් ස්ටූඩියෝස් හි ‘කැප්ටන් අමෙරිකා: බ්‍රේව් නිව් වර්ල්ඩ්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සහකාරවරයා ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලාංකික රජීව් කෝල්ටන්ට අවස්ථාව ලැබී තිබේ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජුලියස් ඔනා විසින් මෙම අවස්ථාව ලබාදීම හරහා රජීව්ගේ හොලිවුඩ් ගමනට නිහතමානී ආරම්භයක් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ රජීව් එවැන්ජල් විශ්වවිද්‍යාලයෙන් සහ එක්සත් ජනපදයේ චැප්මන් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.
වයස අවුරුදු 6 දී ඇති වූ ආශාවක් අනුව වසර ගණනාවක් පුරා ඔහු වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට කැපවූ වූ අතර ඒ යටතේ විවිධ පිළිගැනීම්, සම්මාන සහ ඇගයීම් සිය ජීවිතයට එකතු කර ගැනීමට සමත්වී ඇත.
වයස අවුරුදු 32 දී මල්ලා ප්‍රොඩක්ෂන්ස් ආරම්භ කළ රජීව් YAMU TV හි පළමු වීඩියෝ නිෂ්පාදකයා විය.
ඔහු Nike, Robins Brothers, ඉරාන චිත්‍රපට නිෂ්පාදක Asghar Farhadi, Proximity Media, සහ දැන් මාර්වල් ස්ටූඩියෝස් වැනි අන්තර්ජාතිකව පිළිගත් ආයතන රැසක් සමඟ ද කටයුතු කර ඇත.
ඔහුගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතය තවමත් ආරම්භයේ තිබුණ ද ඔහුගේ විවිධ දක්ෂතා සහ කුසලතා අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්ව තිබේ.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇකඩමි සම්මානලාභියා බවට පත්වනු ඇති බවට බොහෝ දෙනෙකු තුළ බලාපොරොත්තු දල්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart