
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිගුකාලීන දේපල සංවර්ධන වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයකු වන ටෙරන්ස් නුගාරා සේවාදායකයන් 28 දෙනෙක් රවටා ඔවුන්ගේ ඉතුරුම් සහ අධි විශ්‍රාම අරමුදල් වලින් ඩොලර් මිලියන 10ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණය වසර 09ක් සහ මාස 11ක සිර දඩුවමක් නියම කර ඇත.
ඔහු මූල්‍ය සැලසුම්කරුවකු ලෙස සිය තනතුර භාවිත කරමින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අධි වාර්ෂික ගිණුම් ස්වයං-කළමනාකරණය කිරීමට සුපිරි අරමුදල් වෙත මාරු කිරීමට මෙන්ම දේපළ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට පොළඹා ඇතැයි උසාවියේදී හෙළිව තිබේ.
ඇතැම් අවස්ථාවලදී ඔහු සියයට 98.93 දක්වා ප්රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වී ඇත.
පොලිස් පරීක්ෂණ ආරම්භ වීමට පෙර විදේශගත වූ ඔහු, පසුව අධිකරණය සඳහා ඉදිරිපත් වීමට ස්වේච්ඡාවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා සඳහන් කරයි.
ඔහුගේ විදේශීය ව්‍යාපාර අසාර්ථක වූ විට ඔහු නැවත ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, ඔහුට පුරවැසිභාවයද හිමිව ඇත.
අදාළ වංචාවෙන් මූල්‍යමය වාසි ලබාගැනීමේ චෝදනා 27කට සහ සොරකම් කිරීමේ චෝදනා දෙකකට වරද පිළිගත් නුගාරාට වසර 6කුත් මාස 6ක සිරදඬුවම් විඳීමෙන් පසුව නිදහස ලැබීමට සුදුසුකම් ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart