
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් චෙන්නායිහිදී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය කියාසිටියේ උදයකුමාර් නම් මෙම ශ්‍රී ලාංකිකයා මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන යෑමට උත්සාහ කළ බවට සැකපිට ප්‍රශ්නකිරීම සඳහා කැඳවා ඇති අතර ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සිය භාරයට ගත් බවයි.
මෙම නඩුවේ පසු විපරමකදී ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරම්බූර්හිදී අක්බර් අලි නම් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සැඟවී සිටි ස්ථානයක සඟවා තිබී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 54ක් ද සොයාගෙන තිබේ.
මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය මියන්මාරයේ සිට මනිපූර්හි මෝරේ හරහා ශ්‍රී ලංකාවට ගෙන යෑමට රැගෙන ආ ඒවා බව පැවසේ.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය චෙන්නායි කලාපයේ 2023 වසරේදී ද මෙම විත්තිකරු ශ්‍රී ලංකාවට ගෙන යෑම සඳහා ලබාගෙන තිබූ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 65.061ක් සහ ගංජා කිලෝග්‍රෑම් 3,338.018ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවන් 67 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart