
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාම දෙවියන්ගේ ජන්ම භූමිය ලෙස සැළකෙන ඉන්දියාවේ අයෝධ්‍යාවේ සරයු නදියේ ජලය සහ පූජාවන් රැගත් රථ පෙරහැරක් අද නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වෙත ළඟා වී තිබේ.
ඒ, එම කෝවිලේ පවත්වනු ලබන කුම්බාභිශේඛම් පූජාව සඳහාය.
සීතා අම්මාන් කෝවිල නුවරඑළිය සීතාඑළිය ගම්මානයේ පිහිටා තිබේ.
මෙම ස්ථානය රාක්‍ෂස රජු වන රාවණා විසින් සීතා සිරකරගෙන සිටි ස්ථානය යැයි විශ්වාස කෙරෙන අතර, හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ සිය සැමියා වන රාම පැමිණ ඇයව බේරා ගන්නා ලෙස ඇය දිනපතා යාච්ඤා කළ ස්ථානය ලෙස ද සැළකේ.
සීතා අම්මාන් කෝවිලේ පූජාව සඳහා දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
කුම්බාභිෂේඛම් පූජාව සඳහා ඉන්දියාවේ අයෝධ්‍යාවේ සරයු නදියෙන් ශුද්ධ වූ ජලය රැගෙන පසුගියදා පිරිසක් පැමිණ තිබිණි.
පැන් සහ පුද පූජා රැගත් පෙරහැර ගමන් ආරම්භ කළේ කොළඹ මයුරපති කොවිලෙනි.
රම්බොඩ හනුමාන් කෝවිලේ පූජාවකින් අනතුරුව එය සීතා අම්මාන් කෝවිල වෙත රැගෙන එනු ලැබිණි.
නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ කුම්බාභිෂේඛම් පූජාවට සහභාගි වීම සඳහා ඉන්දීය ආධ්‍යාත්මික නායක ශ්‍රී රවි ශංකර් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු සමග උත්සවය සඳහා 154 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ තිබිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක හා වන්දනා කටයුතු සඳහා විශාල උනන්දුවක් පවතින බවත් මෙය එහි එක් පියවරක් වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart