
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයිනට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට මෙරට හිටපු ජනාධිපති සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්රීපාල සිරිසේන සිය සුභාශිංසන පළ කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රකාශ කරන්නේ මාලදිවයිනේ අභිනව ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයාගේ සුබපැතුම් රැගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදිත් ලොකුබණ්ඩාර එහි ගොස් ඇති බවයි.
ශ්රීලනිප හපුතලේ දිස්ත්රික් සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මාලදිවයිනට ගොස් ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පිරිනැමීමට සහ මාලදිවයින් නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක නිරත වීමටය.
උදිත් ලොකුබණ්ඩාර විසින් මාලදිවයින් නව ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති සිරිසේනගේ සුබ පැතුම් පිරිනැමීමට අමතරව හිටපු ජනාධිපතිවරයා විසින් රචිත ‘පොළොන්නරුව’ ග්රන්ථය ද පිළිගන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart