
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන 31 වැනිදා සිදුකරනු ලබන කොළඹ මහනගර සභාවේ අයවැය දෙවැනි වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් පළකර තිබේ.
එම සටහන මෙසේය.
‘කොළඹ මහනගර සභාවේ අයවැය දෙවනිවර කියවීම එළඹෙන 31ක් වෙනිදාට සිදුවෙනවා. ඒ නිසා අයවැය පිළිබඳ ඔබ නොදන්න කරුණු ටිකක් සහ එහි විනිවිදභාවය පිළිබඳ දැණුවත් කිරීම මගේ වගකීමක් ලෙස සැලකුවා.
සභාවක අයවැයක් කියන්නෙ හුදෙක් ඉලක්කම් හරඹයක් නෙමෙයි. එය අපි ඉදිරිපත් කරන කාර්යසාදන ප්‍රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක්.
ගෙවීගිය 23/24 වර්ශයේ සභාවක් තිබ්බෙ නෑ. කොමසාරිස් පාලනය යටතේ ඉදිරිපත්වන අයවැය හා සභාවකින් ඉදිරිපත් වන අය වැය ක්‍රියාවලියම ගොඩක් සංකීර්ණ වැඩක්.
මේ සමස්ථ සංකීර්ණ ක්‍රියාවලිය යටතේ පවා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම සභික හැමෝගේම බලාපොරොත්තුවක්. අපේ අයවැය නිර්මාණය කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය කොළඹ පුරවැසියන් වෙන ඔබ දැනගත යුතුයි කියල මම හිතනවා.
අපේ සභාව පත්වෙලා සති කීපයක් යන්නත් කළින් අපි මේ අයවැය ක්‍රියාවලිය ආරම්භ කළා. පුරපතිනිය ලෙස මම ජූලි මාසයේදී නගරසභාවේ ආයතන 16ටම යෝජනා ලබාදෙන ලෙස සැවොම දැණුවත් කලා. මේ යෝජනා අගෝස්තු මාසය වන තෙක්ම ලබාදෙන්න අවස්ථාව විවෘතව තිබුනා. ආයතන වලට අමතරව පක්ෂ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීන් මන්ත්‍රීනියන් සියළුම දෙනාටම තම යෝජනා දෙන්න අවස්ථාවක් දුන්නා. මේ යෝජනා සියල්ල අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පුරවැසියන්ගේ පැත්තෙන් සලකා බැලුවා.
අපි තව විශේෂ දෙයක් කලා. මෙවර ආයතනික ප්‍රධානීන්ට හා මන්ත්‍රීන් ට අමතරව අපේ සේවක මහත්ම මහත්මීන්ටත් ලිඛිතව යෝජනා ලබාදෙන්න අවස්ථාව දුන්නා. මම හිතනව මේ පියවර අපේ මේ අලුත් දේශපාලනය සංස්කෘතියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියල.
මේ ක්‍රියාවලියේ අමාරුම අවස්ථාව තමයි මේ යෝජනාවලට අවශ්‍ය මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයන්ට එළඹෙන එක.
මේ ක්‍රියාවලිය නොවැම්බර් මාසය තෙක් සිදුවුණා. ඊටපස්සෙ අඩුපාඩු හා නිවැරැදිතාව පිළිබඳ සමාලෝචනය වුණා.
මේ සියල්ල අවසානයේ මෙම කෙටුම්පත් අයවැය මුද්‍රණය කරලා, නැවත ස්ථාවර කමිටු 23ක් යටතේ සාකච්ඡා වෙනවා. මේ ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගී වුණා.
මේ කෙටුම්පත මහජනතාවට පරිශීලනය කරන්න දින හතක් ලබාදුන්නා.
අපි මේ පිළිබඳව නීතියට අනුව භාෂා තුනෙන්ම ප්‍රධාන පුවත්පත් තුනක් හරහා ඔබව දැනුවත් කළා. ව්‍යවස්ථවට අනුව මෙහි පිටපත් මහජන පුස්තකාලයේ හා අපේ නාගරික භාණ්ඩාගාරික තුමිය ලඟ තබා තිබුණා.
අවසානයේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීන් ඉන්න මුදල් පිළිබඳ කාරක සභාවන් දෙකකට මේ යෝජනාවලිය ඉදිරිපත් කලා. මේ අවස්ථාව තුල යෝජනා අගයන් හා වැරදි නිවැරැදි කිරීම් කරන්න පුලුවන්.
මේ ක්‍රියාවලිය හරහා සංශෝධනය වූ අපේ අයවැය 2025.12.22 මහ සභාවට මා ඉදිරිපත් කළේ එය සම්මත කරගැනීමට සභාවට අවස්ථාව ලබාදෙමින්.
“පොහොසත් නගරයක, ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය කිසිවිටක පසුපසට ගන්නේ නැත.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart