
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට (14) දිනයේදී වලයාකාර සූර්යග්‍රහණයක් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානී සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
මෙරට වේලාවෙන් හෙට (14) රාත්‍රී 8.34 ට ආරම්භ වන අතර වලයාකාර සූර්යග්‍රහණය ඔක්තෝබර් 15 වැනිදා අලුයම 2.25ට අවසන් අතර මෙම සූර්යග්‍රහණය ලංකාවට දැකබලා ගැනීමට අවස්ථාව නොලැබෙන බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි .
මෙම සූර්යග්‍රහණය ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව, කොලොම්බියාව සහ බ්‍රසීලය රටවලට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවේ .
එමෙන්ම ඔක්තෝබර් 28 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අතර, එය එදින රාත්‍රී 11.32 කට ආරම්භ වන බව මහාචාර්යවරයා සඳහන් කරයි.
මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට දැකගත හැකිය.
මහාචාර්යවරයා වැඩිදුර සඳහන් කර ඇත්තේ, චන්ද්‍රග්‍රහණයේ අර්ධ අවස්ථාව ඔක්තෝම්බර් 29 වැනිදා අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart