
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ සියලුම වෙළඳුන් ලියාපදිංචි කිරීම සහ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සඳහා මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණ කරයි.
රටේ සියලුම වෙළඳුන් ලියාපදිංචි කිරීම සහ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට අධිකාරිය විසින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
එහි මූලික පියවරක් ලෙස ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන වෙළෙඳුන් ලියාපදිංචි කිරීමේ නියැදි ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේදී සැකසීමට සිදුවන විශාල අයදුම්පත් සංඛ්‍යාව සළකා බැලීමේදී විස්තර අතින් ඇතුළත් කිරීම කළ නොහැකි නිසා එම ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම සඳහා මෘදුකාංගයක් අවශ්‍ය වී ඇති බව අධිකාරිය හඳුනාගෙන තිබේ.
අවශ්‍ය මෘදුකාංග සකස් කිරීමට මේ වන විට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මඟින් පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව අවශ්‍ය මෘදුකාංග සංවර්ධන සේවා ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවීමට නියමිත බවත් එම අධිකාරිය සඳහන් කරයි.
පසුගිය වසරේ වාර්තා වී තිබුණේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 27 වැනි වගන්තියට අනුව සියලුම වෙළඳුන් අධිකාරියේ ලියාපදිංචි විය යුතු නමුත් පසුගිය දශක දෙක තුළ එය බලාත්මක කර නොමැති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ සිටින වෙළෙඳුන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ ධාරිතාව පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛනවලට ප්‍රවේශ වීමට රජයට නොහැකි වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart