
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෘථිවියේ සිට සැතපුම් බිලියන ගණනක් ඈතින් අතුරුදන්ව පවතින වොයේජර්-2 අභ්‍යවකාශ යානාවෙන් සංඥා සංඥාවක් ලැබුණු බව නාසා ආයතනය පවසයි.
1977 වසරේදී අභ්‍යවකාශ ගතකළ වොයේජර් 2 අභ්‍යවකාශ යානයට ලැබුණු වැරදි විධානයක් හේතුවෙන් පසුගිය සතියේ එහි ඇන්ටනාව පෘථීවියෙන් අංශක දෙදක් ඈතට යොමුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස යානයෙන් ලැබෙමින් තිබූ සංඥා බිඳවැටිණි.
ජුලි 21 දා බිඳවැටුණු සංඥා පද්ධතිය නිසා දත්තයන් ලබාගැනීමට හා යැවීමට නොහැකි බව නාසා ආයතනය පවසයි.
වොයේජර් 2 අභ්‍යවකාශ යානාව පෘථීවියේ සිට සැතපුම් බිලියන 12.3 ක (බිලියන 19.9 ) දුරින් පිහිටා තිබූ අතර, එය අන්තර් තාරකා අවකාශය හරහා 34,390 mph ක ( 55,346 km/h ) වේගයකින් ගමන් කරමින් ගවේෂණයේ යෙදී ඇත.
සෞරග්‍රහ මණ්ඩලය අධ්‍යයනය සදහා 1977 දී අභ්‍යවකාශ ගත කර ඇති වොයේජර් 2 යානය මගින් පෘථිවියට සංඥාවක් නිකුත් කිරීමට පැය 18 ක කාලයක් ගත බව නාසා ආයතනය පවසයි.
වොයේජර් 2 නෙප්චූන් හා යුරේනස් හරහා ගමන් කළ එකම අභ්‍යවකාශ යානාව වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart