
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රිකාවට ආවේණික සර්වල් බළලකු ගුවන් භාණ්ඩ හරහා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ.
ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ රුසියාවේ මොස්කව් සිට මෙම සත්වයා යොමුකර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙත බවයි.
සර්වල් බළලුන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රිකාවේ වනාන්තර ආශ්‍රිතවය.
ශ්‍රී ලංකා රේගුව පවසන පරිදි බළලුන් ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒම සඳහා නිසි අනුමත ක්‍රියා පටිපාටියක් නොමැති බවයි.
අප්‍රිකානු සර්වල් බළලා ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂිත විශේෂයක් ලෙස පිළිගැනෙන අතර දේශීය කොළ බළලාට සමාන කමක් දක්වයි.
මෙම බළලුන් සඳහා සුරතල් සතුන් ලෙස ඇති ඉල්ලුම යුරෝපයේ සහ මැද පෙරදිග රටවල විශේෂයෙන් ඉහළ මට්ටමක පවතින බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart