
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක් පසෙකින් රැකියා සොයා ශ්‍රී ලාංකිකයන් දේශය හැර යන අතර, අනික් පසින් මෙරට පවතින ඉහළ වැටුප් සහිත රැකියා සඳහා විදේශිකයන් පැමිණීමේ පරස්පර විරෝධී තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දේශීය ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොළ අතර පවතින මෙම පරතරය නිරාකරණය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවයි.
”අප රටෙන් ලක්ෂ දෙකහමාරක තුනක විතර පිරිසක් රටින් පිටරටට යනවා. ඒ කියන්නේ අපේ ශ්‍රම සම්පත වෙනින් රටවල් සංවර්ධනය කරන්න ගමන් කරනවා. ඒක තුළ අපට ඉතුරු වෙලා තියෙන්නේ මේ රටේ සේවක පිරිසක් නැහැ රටේ කටයුතු කරන්න. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මතක් කළා මේ රටේ අපට දැන් සංවර්ධනයක් වෙලා තියෙනවා නම් ඒකට පිටරටින් මේසන් බාස්ලා ගේන්න ඕනේ කියලා. ඒ වගේ කතා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ රටේ සාමාන්‍ය සේවක පිරිස රටින් පිට ගිහිල්ලා, ඔවුන් ලක්ෂෙකට පිටරට ගිහිල්ලා නමුත් අපි පිටරටින් මේ රටට ගේනකොට ලක්ෂ තුනහමාරක විතර විදේශ විනිමය ගෙවන්න වෙයි ඒ රටේ සේවක පිරිස රටට නැවත ලබා ගන්න. ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart