
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 – 2025 මූල්‍ය වර්ෂයේ සහ 2026 මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සිදුවූ බවට NDB බැංකුවේ රුපියල් මිලියන 13,200ක මූල්‍ය වංචාව පිළිබඳ කරුණු කිහිපයක් විමසමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.
එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ මෙවැනි මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වූයේ රටේ මූල්‍ය පද්ධතියට අදාළ ක්‍රමවේද නිසිපරිදි සිදුනොවන පසුබිමකදී ද යන්න සම්බන්ධවයි.
එහිදී LankaPay ජාතික ගෙවීම් යටිතල පහසුකම මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමට අපොහොසත් වූයේ ඇයිද යන්න පිළිබඳව ද මන්ත්‍රීවරයා විමසා සිටියේය.
එමෙන්ම ඔහු ප්‍රශ්න කළේ තත්කාලීන නිරීක්ෂණ සහ සැකසුම් පද්ධතිය බලාත්මක කර නොතිබුණේ ද යන්න සම්බන්ධවයි.
මීට අමතරව මෙම නීතිවිරෝධී ගනුදෙනු හේතුවෙන් ලාභාංශ සහ ආයතනික ආයෝජකයින්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා කරුණු විමසා සිටියේය.
අදාළ ගනුදෙනු සිදුවූ බව කියන කාලසීමාව තුළ රඳවා ගත් මුලු ලාභාංශ අගය කොපමණද යන්න සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල, සේවකභාර අරමුදල සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතනික කොටස් හිමියන්ට මෙයින් සිදුවන බලපෑම කුමක්ද සහ රාජ්‍ය මූල්‍ය පාඩුව, ඍජු හා වක්‍ර බදු පාඩු මෙන්ම අයකර ගත නොහැකි හිඟ මුදල ඇතුළුව රජයේ ඇස්තමේන්තු කරන මුළු මූල්‍ය පාඩුව කොපමණ ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart