
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දූෂණ විරෝධී පනත සම්මත වී මාස තුනක් ගතව ඇතත් එම කොමිසමේ සාමාජිකයන් පත්කිරීම සඳහා නම් නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කර නැතැයිද මේ අයුරින් වැස්වස්ථා සභාව ගෙනයෑමට නොහැකි යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු විධායකයේ මිස පාර්ලිමේන්තුවේ කොටසක් නොවේ යැයිද ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගොනුකළ හැකි බව දැනගෙන ක්‍රියාකළ යුතු යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2003 සිට කිසි දිනෙක ව්‍යවස්ථා සභාවල මෙවැනි තත්ත්වයක් හටගත්තේ නැතැයි කී හෙතෙම, තේරීම් කාරක සභාවක් මඟින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමා යෝජනා කරන්නේ යැයිද කීවේය.
පාර්ලිමේන්තුව අමතා ඊයේ (22දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“අපට අධිකරණය සමඟ රණ්ඩුවකට යන්න බෑ. ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොවේ. එය විධායකයේ කොටසක්. ජනාධිපතිට පත්වීම් දෙනකොට ආධාර කරන්න නම් සුදුසුද නැද්ද කියන්න හෝ ජනාධිපතිවරයාට යෝජනා කරන්න එහි වගකීමක් වෙනවා. ඒ නිසා ඔබ කරන ඕනම දේකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගන්න පුළුවන්. ඒක දැනගෙන ක්‍රියා කළ යුතුයි.
අප දූෂණ විරෝධී කොමිෂන් පනත පත් කළා. කොමසාරිස්ගේ නම් එනතුරු මා බලාගෙන සිටිනවා. මාස තුනක් තිස්සේ අප කොමිෂන් සභාපතිගේ නම් එනතුරු බලා සිටිනවා. අප දූෂණය ගැන කතා කරනවා. තාම නම් ටික එවන්න බෑ. දෙතුන් දෙනෙක් ප්‍රශ්න අදිනවා. අපි දූෂණයට විරුද්ධ නම් එවේලේ පත් කරන්න තිබුණා. තාම මේක අනුමත කරගන්න බැරි වී තිබෙනවා. මේක දැන් හිර වෙලා. මෙහෙම ව්‍යවස්ථාදායක සභාව ගෙනයන්න බෑ. මම යෝජනා කරන්නේ තේරීම් කාරක සභාවක් දමා මේක ගෙනයන්නේ කොහොමදැයි කතා කර ගනිමු. මේක නිසා මුළු අධිකරණයම හිරවෙලා, අභියාචනාධිකරණය හිරවෙලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart