
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී වටවල ප්‍රදේශයේ දෙමළ පාසලක විද්‍යා ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු 10 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික සබඳතා සඳහා පොළඹවන කෙටි පණිවුඩ යවා ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
කෙසේවෙතත්, ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග ඔහු ඔවුන්ව පොළඹවා ගැනීමට ඔවුන්ගේ පුටු මත එවැනි පණිවිඩ ලියා ඇති බව පැවසේ.
44 හැවිරිදි මෙම ගුරුවරයා දරුවන් දෙදෙනෙකුගේ පියකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart