
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හසලක පහේ ඇළ ප්‍රදේශයේ පාසල් දරුවකු අහුලාගත් අත්බෝම්බයක් රැගෙන පෞද්ගලික පන්ති ගිය පුවතක් හසලක පොලිසියෙන් වාර්තාවේ.
පසුව පෞද්ගලික පන්ති ගුරුවරයා එය ආරක්ෂිතව පොලිසිය බාරදීමට කටයුතු කර ඇති අතර අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට අධිකරණ නියෝගයක් ගැනීමට පියවර ගෙන තිබෙන බව හසලක පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශයේ පාසලක 12 වසර ඉගෙනුම ලබන හසලක පහේ ඇළ යාය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දරුවකු සිය නිවෙසට ආසන්නයෙන් ගලා බසින අතුරු ඇළක නාමින් සිටිය දී ඉවුරක තිබී මෙම ජීව අත්බෝම්බය හමු වූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
දරුවා නිවැසියන්ට මේ බව නොකියා පසු දින නිවෙසේ සිට කිලෝ මීටර් 5ක පමණ දුර හසලක නගරයේ උපකාරක පන්තියට පැමිණ එහි ගුරුවරයාට පෙන්වා ඔහුට එය දී ඇත.
ගුරුවරයා මෙය ජීව අත්බෝම්බයක් බවට තහවුරු කර ගැනීමෙන් පසු ඉකුත් 17 වැනිදා සවස ආරක්ෂිතව රැගෙන විත් පොලිසියට භාරදී ඇත.
පොලිසිය භාරයට ගනු ලැබූ ජීව අත්බෝම්බය විශේෂ කාර්ය බළකාය වෙත භාරදී එය නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය අනුමැතිය අධිකරණයෙන් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart