
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියානු සංචාරක ලියකියවිලි උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකික පවුලක් කසකස්ථානය වෙත හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ අන්තර්ජාතික මිනිස් ජාවාරම් මෙහෙයුමක් ව්‍යර්ථ කිරීමට බැංකොක් නුවර ඩොන් මුයෑන්ග් අන්තර්ජාතික ගුවන්තොටුපළේ තායිලන්ත ආගමන විගමන බලධාරීන් සමත්ව තිබේ.
‘ඛාඕසොඩ්’ පුවත් සේවයට අනුව, මෙම ශ්‍රී ලාංකික පවුල මුලින්ම තායිලන්තයට ඇතුළු වී ඇත්තේ ඔවුන්ගේ සැබෑ ගමන් බලපත්රවලිනි. පසුව ඔවුන් ගොඩබිම් මාර්ග ඔස්සේ මැලේසියාව බලා ගොස් ඇත.
පසුව මෙම කණ්ඩායම මැලේසියානු ගමන් බලපත්‍ර භාවිත කරමින් නැවතත් තායිලන්තයට ඇතුළු වී කසකස්ථානය බලා පියාසර කිරීමට උත්සාහ කර තිබේ.
එහිදී ඔවුන් සමඟ සිටි මැලේසියානු කාන්තාවක් තමන් එම දරුවන් දෙදෙනාගේ සැබෑ මව බවට ව්‍යාජ ලෙස පවසා ඇත.
කෙසේවෙතත්, ඔවුන්ගේ සංචාරක ලියකියවිලිවල පරස්පරතා ඇති බව ගුවන් සේවා නිලධාරීන්ට නිරීක්ෂණය වීම නිසා ඔවුන්ට ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන් අනතුරුව මෙම කණ්ඩායම මියන්මාරය හරහා තම ගමන් මාර්ගය වෙනස් කිරීමට උත්සාහ කර ඇති අතර, ගුවන් සේවා නිලධාරීන් මේ පිළිබඳව එරට ආගමන විගමන කාර්යාංශය දැනුවත් කර ඇත.
පසුව දිනක, මෙම කණ්ඩායම මියන්මාරයේ සිට ඩොන් මුයෑන්ග් අන්තර්ජාතික ගුවන්තොටුපළ හරහා කසකස්ථානය බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආගමන විගමන බලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව සහ වැඩිමල් දරුවා වෙනත් පුද්ගලයන්ට අයත් මැලේසියානු ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස භාවිත කර ඇති බවයි. බාල දරුවා ගමන් කර ඇත්තේ නීත්‍යානුකූලව නිකුත් කරන ලද මැලේසියානු ගමන් බලපත්‍රයකින් බවට විශ්වාස කෙරේ.
මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම අන්තර්ජාතික ජාවාරම් කල්ලිය පිළිබඳව බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ශ්‍රී ලංකාව යන රටවල නීති ක්‍රියාත්මක කරන ආයතන මීට පෙර කලාපීය බලධාරීන්ට අනතුරු ඇඟවීම් කර තිබේ.
මෙම ජාවාරම්කරුවන් උපක්රමශීලීව විදේශීය දරුවන් මැලේසියාවට හොර රහසේ ඇතුළු කර, ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ උප්පැන්න සහතික ලබා ගනී. පසුව මෙම ව්‍යාජ උප්පැන්න වාර්තා උපයෝගී කරගනිමින් නිල මැලේසියානු ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන අතර, එමඟින් යුරෝපය සහ මධ්‍යම ආසියාව පුරා පිහිටි විවිධ රටවලට වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව ජාවාරම්කරුවන්ට හිමි වේ.
සංචාරක ලියකියවිලි අවභාවිතය සහ අපරාධ කුමන්ත්‍රණ යන චෝදනා යටතේ තායිලන්ත පොලිසිය විසින් වැඩිහිටි කාන්තාවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
සුභසාධන නිලධාරීන් විසින් සිදු කරන ලද ඇගයීම්වලින් පසු, කුඩා දරුවන් දෙදෙනා මිනිස් ජාවාරමකට ගොදුරු වූවන් නොවන බව බලධාරීන් තහවුරු කර ඇත. මේ වන විට එම දරුවන් දෙදෙනා සුරක්ෂිත භාරකාරත්වයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔවුන්ව ආරක්ෂිතව නැවත මෙරටට එවීමට තායිලන්ත නිලධාරීහු කටයුතු කරමින් සිටිති.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart